මිහිඳු පෙරහැරේ අලි කලබල

401

බදුල්ල නගරයේ ඊයේ (10) රාත්‍රී පැවති මිහිඳු පෙරහැරක් අතරතුර හස්තියෙකු කලබල වීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැහැ.

බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රී බදුල්ල නගරයේ වීථි සංචාරය කළේ 85 වැනි වරටය.

බදුල්ල, සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟින් මෙම පෙරහැර වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.

ඊයේ රාත්‍රීයේද පෙරහැර පැවැත්වුණේ අලි ඇතුන්, නර්තනාංග ඇතුළු විශේෂාංග රැසක්ද සමඟිනි.

කෙසේ වෙතත් ඒ අතරතුර කරඬුව වඩම්මනු ලැබූ හස්තියා කලබල වීමත් සමඟ පෙරහැරේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

කෙසේ වෙතත් කෙටි වෙලාවක් තුළ ඇත්ගොව්වා විසින් හස්තියා සන්සුන් කරනු ලැබීමෙන් අනතුරුව නැවත පෙරහැර වීථි සංචාරය ආරම්භ කෙරුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *