BREAKING NEWS
Search

රටම සෙවූ සුමේධ මාස තුනකට පසු එලියට

87

මරදන්කඩවල ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාසයේ දී අනතුරට ලක්වීමෙන් පසුව අතුරුදන්ව සිටි සුමේධ ඇතා මාස තුනකට පමණ පසුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි පදුපොළ තොටුපළ ආශ්‍රිතව සැරිසරන ආකාරය එහි සංචාරය කළ පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබේ.

අනතුරින් පසුව සුමේධ ඇතාට එක් දළයක් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම දර්ශන අනුව සුමේධ ඇතා එක් දළයක් අහිමිවීමෙන් අනතුරුව තනි ධලයෙන් ඉතා නිරෝගීව සිටින බව වනජීවි නිළධාරීන් පවසා ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ජාතික වන උද්‍යානය හා කවුඩුල්ල ජාතික වන උද්‍යානය සිය නිජබිම කරගනිමින් සුමේධ ඇතා සැරිසරමින් සිටි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *