රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
මේ සිව්දෙනෙකුට අත් වු ඛේදජනක ඉරණමක් ගැන ඇහෙන කතාව.
දිඹුලාගල, ඇල්ලේවැව වැවෙහි පෙරේදා උදෑසන 9.00ට පමණ දිය නෑමට ගිය පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් තිදෙනකු ඇතුළු සිවුදෙනකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ අතර, මියගිය අයගේ මරණ පරීක්ෂණ ඊයේ දෙහිඅත්තකණ්ඩිය හදිසි මරණ පරීක්ෂක ලාල් ගුණතුංග ඉදිරියේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේදී පැවැත්විණි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන ප්රදේශයේ සිට ඇල්ලේවැව ප්රදේශයේ ඥාති නිෙවසකට ගොස් ඇල්ලේවැව වැවෙහි දිය නෑමට ගිය සිවු දෙනකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලීසිය සඳහන් කරයි.
මියගිය සිවු දෙනා එෆ් 11, බංගලාවත්ත රත්මලාන ප්රදේශයේ පදිංචිව සිටි, ලිහිණි පතිරිකා ද සිල්වා (13), කේ. මේනකා දර්ශනී (30), ගුණානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා (27) සහ මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න (25) යන අය බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලීසිය සඳහන් කළේය.
අරලගංවිල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම පිරිසගේ ඥාතියකු වන ඇල්ලේවැව 332 ලිපිනයේ පදිංචි කේ. රංග ප්රියදර්ශන මහතාගේ නිවෙසට ඔවුන් පෙරේදා (8) පැමිණීමෙන් අනතුරුව ඇල්ලේ වැවෙහි දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
දිය නාමින් සිටි පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලීමත් සමඟ ඔහු බේරා ගැනීම සඳහා මෙම කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති අතර, එහිදී ඔවුන් ද දියේ ගිලී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබිණි.
මියගිය අයගේ දේහයන් සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් මියගිය පිරිසගේ ඥාති සොහොයුරකු වූ දිඹුලාගල, ඇල්ලේ වැව, අංක 332 පදිංචි කොළඹගේ රංග ප්රියදර්ශන (33) මහතා හැඬූ කඳුළින් මෙසේ පැවසීය.
”අක්කලා අපේ ගෙදර ආවේ අවුරුදු 10කට පසුවයි. ඉරිදා (8) උදේ 8.00ට විතර ගෙදර කෑම හදලා තිබුණත් නාලම කමු කියලා ඇල්ලේ වැවට නාන්න ගියා. ඒ ගිහින් තමයි මේ වගේ ලොකු ඛේදවාචකයක් වුණේ. මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ. කොළඹ, රත්මලානේ සිට 10 දෙනෙක් අපේ ගෙදර ආවා. මගේ නංගි ගුණානන්ද වඩුගේ ප්‍රභාත් පුෂ්පකුමාර සිල්වා යන අය සමඟ විවාහ වෙලා ඉන්නේ.
නාලා කෑම කන්න එන්නම් කියලා අපි ඔක්කොම වැවට ගියා. වැවේ ගල්පොත්ත ලිස්සීම නිසා මුලින්ම මල්ලිව වැවට වැටුණා. මම එකපාරටම වැවට පැනලා බේරා ගන්න ගියත් මගේ ඇඟෙන් මල්ලි අල්ලා ගත්තා.
තුන් පාරක් උඩ යට ගියා. මම ඔහුගෙන් බේරෙන්න අහකට පැන්නා. එතකොට මගේ ඇඟ පණ නැති වුණා නංගි වතුරේ පාවෙනවා දැක්කා. ජනනි නංගියි, ලොකු දුවයි උඩ යට ගියාට බේරා ගන්න බැරි වුණා. විනාඩි 45ක් විතර ඇතුළත ගමේ අය ඔරුවලින් ඇවිත් හතර දෙනාවම ගොඩගෙන 1990 ඇම්බියුලන්ස් එකේ රෝහලට අරගෙන ආවත් බේරා ගන්න බැරි වුණා.”
මියගිය මේනකාගේ ස්වාමිපුරුෂයා වන ප්‍රභාත් පුෂ්ප කුමාර යන අය මෙහිදී සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
”මම පීනන්න දන්නේ නැහැ. සිද්ධිය වූ අවස්ථාවේ මම පුතා වඩාගෙන සිටියේ. පීනන්න බැරි නිසා මම උඩ ඉඳන් බාල්දියෙන් නෑවෙ. අපි ගල උඩ ඉන්න විට මල්ලි පය ලිස්සා වැවට වැටුණා. ඒ එක්කම මගේ නෝනා සමඟ ගොඩ සිටි අය වැවට පැන්නා. වැවට පැන්න අය ගොඩට එන්න කිහිපවතාවක්ම උත්සාහ කළත් එන්න බැරි වුණා. වැවට පැන්න හතර දෙනාම දියේ ගිලුණා.”