BREAKING NEWS
Search

මේ දක්වා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් ගණන 6,000 ඉක්මවයි

665

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසයට සමගාමීව ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තා අනුව පසුගිය පැය 24 තුළ රෝගීන් එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන ඇති අතර කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළයද පත්ව ඇතැයි සඳහන් වේ.

නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප්‍රාන්තය ලෙස කේරළය පත්වද්දි මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප්‍රාන්තවල ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම පසුගිය ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී ඇති අතර උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *