BREAKING NEWS
Search

කඳසුරිඳුගේ වාහනේ ගැටී කෝච්චි ඩ්‍රයිවර්ට තුවාල

596

බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට  බඹරැන්ද  ප්‍රදේශයේදී  මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මරණයට පත්ව දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ.

දුම්රිය රියදුරු ටී. එම් ජයසිංහ මහතා මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුරින්  ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබු මොණරා එම ස්ථායේදීම මියගොස් තිබේ.

M7 Class කෙටිදුර ධාවන දුම්රියක් වන 747  දුම්රිය නියමු කුටියේ ඉදිරිපස විදුරුව කඩාගෙන මොණරා රියදුරුගේ හිසේ වැදී ඇත. රියදුරු ප්‍රතිකාර සඳහා යොමුකොට ඇත.

වසර 32 සිය සේවා කාලය තුළ මෙවැනි හදිසි අනතුරක තමා පත්වු පළමු අවස්ථාව මෙය බව රියදුරු මහතා සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *