BREAKING NEWS
Search

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

229

ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව එදින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ.

පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *