බස්එකේදී තරුණියන්ට හිරිහැර කර කොන්දොස්තරට පොලුවලින් ගැසූ දෙදෙනාට සිදු වූ දේ

1240

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර කිරීමේදී එරෙහි වූ බස් රථයේ කොන්දොස්‍තරවරයාට පොලුවලින් පහර දී තුවාල කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එම සැකකරුවන් දෙදෙනා අද (08) මහර අධිකරණයට ඉදිරිපත් කළ පසුවයි.
මෙම සැකකරුවන් දෙන්නා හෙට (09) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන අති බවයි කඩවත පොලිසිය පවසන්නේ.
ඊයේ එම සිදුවීම වූ අවස්ථාවේ මෙම පුද්ගලයින් දෙන්නා යම් මත්ද්‍රව්‍යක් භාවිතා කර සිට ඇති බවටයි පැවසෙන්නේ.
නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර කළ සිදුවීමකට එරෙහි වූ නිසයි කොන්දොස්‍තරවරයාට ඔවුන් පොලුවලින් පහර දී තුවාල සිදුකර තිබෙන්නේ.
ඊයේ (07) උදේ 9.30ට පමණ කඩවත, කිරිල්ලවල අධිවේගී පිවිසුම අසල වර්ණ සංඥාව ළඟදීයි මෙම පහර දීම සිදුකර ඇත්තේ.
සැකකාර තරුණයින් දෙන්නා අතරමගදී බස් රථයට ගොඩවී තිබෙන අතර පසුපස අසුන සම්පූර්ණයෙන්ම හිස්ව තිබියදීත් මොවුන් තරුණියන් අසලින් වාඩි වී තිබෙනවා.
එහිදී තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කිරීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.
මේ හේතුවෙන් අදාළ තරුණියන් වෙනත් අසුන්වලට ගොස් වාඩිවී තිබෙන අතර පෙරකී තරුණයින්ද නැවත නැවතත් සෙසු තරුණියන් ආසන්නයේද වාඩිවී ඔවුනට හිරිහැර සිදුකිරීමට‍යි ක්‍රියාකර ඇත්තේ.
අවස්ථා කිහිපයකදීම සිදුවූ මෙය බස් රථයේ මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේද අවදානයට ලක්වුණා.
එහිදී එම සිදුවීමට එරෙහිව කතා කළ කොන්දොස්තරවරයාට බැණවැදී කුඩා පිහියකින් පහරදීමට එක් සැකකරුවෙක් උත්සාහ ගෙන තිබුණා.
ඒ වන තෙක්ම ධාවනය වෙමින් තිබූ බස් රථය කිරිල්ලවල අධිවේගී මාර්ග පිවිසුම අසළ වර්ණ සංඥාවේ නතර කරනවාත් සමග ගැටුම උත්සන්න වී සැකකරුවන් දෙදෙනා හා කොන්දොස්තරවරයා රථයෙන් බිමට බැස තිබෙනවා.
ඉන් පසුව මාර්ගයේ සිටුවා තිබූ ලී කණුවක් බිඳගෙන සැකකරුවන් විසින් කොන්දොස්තරවරයාට අමානුෂික අයුරින් පහර දීමෙන් පසුවයි ඔවුන් එතැනින් පලාගොස් ඇත්තේ.
එහිදී බස් රථයේ මගීන් හා ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන් දෙදෙනා හඹාගොස් අධිවේගී මාර්ගය අසල පිහිටි ව්‍යායාම මන්තීරුව ආසන්නයේ වෙල්යායකදී අල්ලාගෙන පහර දී ගැටගසා තිබෙනවා.
අනතුරුව සැකකරුවන් දෙදෙනා කඩවත පොලිසියට භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නාවලපිටිය – කොළඹ බස්‍ රථයේ රියදුරු විසින් කඩවත පොලිසියට කළ පැමිණිල්ලක් මතයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල්ගත් කිරීමටද පියවර ගත්තා.
සැකකාර තරුණයින් දෙදෙනාට එරෙහිව මහර අධිකරණයේ තව දුරටත් නඩුව විභාග වන බවයි අපකළ විමසීමේදී කඩවත පොලිසියේ සථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *