BREAKING NEWS
Search

ගෙවත්තක වලක් හාරමින් සිටියදී හමුවූ පුදුම හිතෙන දේ

1192
ගෙවත්තක වලක් හාරමින් සිටියදී ටී 56 ගිනි අවි දෙකක් හා එම උණ්ඩ 450 ක තොගයක් හමුව තිබෙනවා.
වවුනියාව, රම්බකුලම ප්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ තිබී අද (08) දහවල් මේවා හමුව ඇති බවයි වවුනියාව පොලිසිය පැවසුවේ.

ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වලක් කපන අවස්ථාවේ අදාළ ගිනි අවි හා පතුරම් තොගය හමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගෙහිමියා වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, වවුනියාව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කොට දිරාගිය ගිනි අවි දෙක හා පතුරම් තොගය පොලිසිය භාරයට ගත්තා.

මේවා පැවති යුද සමයේ කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් වල දමන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ගිනි අවි දෙක හා පතුරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *