BREAKING NEWS
Search

චමල් රාජපක්ෂ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

540

දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඔහු කොමිසමට කැඳවා   ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචි   මාර්ග සඳහන් කළේය.

තමන්ට අයත් නොවන දේපළක්  අරගල සමයේදී විනාශ වී යැයි පවසමින්  රුපියල් කෝටියකට වැඩි වන්දියක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මේ අතර වෙනත් දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුගේ පුත්‍ර ඌව  පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන්ද ඉකුත් 5 වැනිදා  ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනිණ.

විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු දේශපාලනඥයන් විස්සකට ආසන්න පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම මේ දිනවල විමර්ශන ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *