BREAKING NEWS
Search

ලෝක ප්‍රසිද්ධ චීන තරු දෙපල මේ දවස්වල ලංකාවේ මොකද්ද කරන්නේ

60

ප්‍රසිද්ධ චීන නළුවෙක් වන ඔහු වඩාත් ප්‍රසිද්ධ හිටපු EXO සාමාජිකයෙකු හැටියට.

‘Huang Zitao’ ලංකාවට ආවේ තනියම නම් නෙවෙයි. ඔහු එක්ක, චීන ජාතික රංගන ශිල්පිනියක වන ‘Xu Yiyang’ ද ඇවිත් තිබුණා.
මොවුන් මේ විදියට ලංකාවට ඇවිත් තිබුණෙ, නවතම රූපවාහිනී කතා මාලාවක රූගත කිරීම් සඳහා.
ඒ, ප්‍රබල චීන ඩිජිටල් මාධ්‍ය වේදිකාවක් වන ‘Mango TV’ මඟින් නිෂ්පාදනය කරන චීන රියැලිටි කතා මාලාවක් වන ‘Serendipitous Journeys’ හි රූගත කිරීම් වෙනුවෙන්.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අවකාශයක, චීන ප්‍රේක්ෂකයින් සඳහා ශ්‍රී ලංකාවේ රූගත කළ පළමු රූගත කිරීම ද මෙය වන බව සඳහන්.
ඒ අනුව මෙරට තුළ කළ රූගත කිරීම් මිනිත්තු 90ක කථාංග හයකින් සමන්විත වන අතර, එය සම්පූර්ණයෙන්ම ත්‍රිකුණාමලය සහ ඒ අවට රූගත කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එය එළඹෙන ජූලි මාසයේදී තිරගත වීමට නියමිත බවත් වාර්තා වනවා.

 
 
 
 
 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *