BREAKING NEWS
Search

ලීටරයට බෝතල් 3යි.. අරක්කු මිල පහළට.?

12568

එතනෝල් ලීටරයේ මිල අඩුකර තිබෙන නිසා අරක්කු බෝතලයේ මිල අඩු කිරීමට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ,

“එතනෝල් ලීටරය 1500ට, 1700ට තියෙනකොට අරක්කු බෝතලයේ ගාන වෙනස් වුණේ නෑ. අරක්කු කොමිපැනි විසින් 1500ට තියෙනකොටත් අරක්කු බෝතලය විකිණුවා 3500ට 4000ට. දැන් 475ට අඩු කර තියෙනකොටත් අරක්කු බෝතලය ඒ ගානමයි.

475ට එතනෝල් ලීටරයක් ගත්තාම, එතනෝල් ලීටරයකින් හදන්න පුළුවන් අරක්කු බෝතල් 3ක්. එතකොට 475ට එතනෝල් ලීටරය අරගෙන අරක්කු බෝතල් 3ක් හදන්න පුළුවන් නම්, අරක්කු කොච්චර අඩුවට දෙන්න පුළුවන්ද..

ගල්ඔයට, ඇතිමලේට වගේ සීනි නීෂ්පාදනය කරන ආයතනවලට ලයිසන් දෙන්න කියලා, අඩු මිලට අරක්කු බෝතලයක් හදන්න. එතනදී ප්‍රශ්න තියෙන්නේ මේකයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙම මේක පිළිබදව ජනාධිපතිවරයාට වාර්තාවක් දෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *