සැකකාර තරුණයින් දෙන්නා අතරමගදී බස් රථයට ගොඩවී තිබෙන අතර පසුපස අසුන සම්පූර්ණයෙන්ම හිස්ව තිබියදීත් මොවුන් තරුණියන් අසලින් වාඩි වී තිබෙනවා.
එහිදී තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කිරීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.
මේ හේතුවෙන් අදාළ තරුණියන් වෙනත් අසුන්වලට ගොස් වාඩිවී තිබෙන අතර පෙරකී තරුණයින්ද නැවත නැවතත් සෙසු තරුණියන් ආසන්නයේද වාඩිවී ඔවුනට හිරිහැර සිදුකිරීමටයි ක්‍රියාකර ඇත්තේ.
අවස්ථා කිහිපයකදීම සිදුවූ මෙය බස් රථයේ මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේද අවදානයට ලක්වුණා.
එහිදී එම සිදුවීමට එරෙහිව කතා කළ කොන්දොස්තරවරයාට බැණවැදී කුඩා පිහියකින් පහරදීමට එක් සැකකරුවෙක් උත්සාහ ගෙන තිබුණා.
ඒ වන තෙක්ම ධාවනය වෙමින් තිබූ බස් රථය කිරිල්ලවල අධිවේගී මාර්ග පිවිසුම අසළ වර්ණ සංඥාවේ නතර කරනවාත් සමග ගැටුම උත්සන්න වී සැකකරුවන් දෙදෙනා හා කොන්දොස්තරවරයා රථයෙන් බිමට බැස තිබෙනවා.
ඉන් පසුව මාර්ගයේ සිටුවා තිබූ ලී කණුවක් බිඳගෙන සැකකරුවන් විසින් කොන්දොස්තරවරයාට අමානුෂික අයුරින් පහර දීමෙන් පසුවයි ඔවුන් එතැනින් පලාගොස් ඇත්තේ.
එහිදී බස් රථයේ මගීන් හා ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන් දෙදෙනා හඹාගොස් අධිවේගී මාර්ගය අසල පිහිටි ව්‍යායාම මන්තීරුව ආසන්නයේ වෙල්යායකදී අල්ලාගෙන පහර දී ගැටගසා තිබෙනවා.
අනතුරුව සැකකරුවන් දෙදෙනා කඩවත පොලිසියට භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නාවලපිටිය – කොළඹ බස් රථයේ රියදුරු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන අතර පහර කෑමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල්ගත් කිරීමට පියවර ගත්තා.
සැකකාර තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙට (08) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අපකළ විමසීමේදී කඩවත පොලිසියේ සථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.


















