BREAKING NEWS
Search

හල්ලොලුවගේ සිද්ධියට සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

116

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකු අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් පාරිස් නැමති සැකකරු විසින් මෙම ප්‍රකාශය ලබා දී ඇති බව වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝග ලබාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා විසින් ඉකුත්දා නියෝග කළ අතර ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *