දහවල් 12 සිට රියැදුරන් පිරිසක් දුම්රිය ධාවනයෙන් ඉවත්වෙයි

334

දුම්රිය රියදුරන් පිරිසක් අද (06) දහවල් 12 සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.

පානදුර හා මොරටුව අතර පවතින දුම්රිය සං දුම්රිය සංඥා දෝෂය නිවැරදි නොකිරීම ධාවනයෙන් ඉවත් වීමට හේතුව බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා පැවසීය.

මේ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සහ රියදුරු සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 9.30 ට පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *