දුමින්ද දිසානායකට මොකද්ද වුණේ ?

283

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුමින්ද දිසානායක ගැන මේ දවස්වල කතාබහ අලුත් වෙලා තියෙනවා…
මේ කියන්න හදන්නේ ඔහු ගැන ලැබුණු අලුත් ආරංචිය ගැනයි…

රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජුනි 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 29 වැනිදා හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදුකළද එය ප්‍රතික්ෂේප කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හිටපු අමාත්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී හමුවූ රන් පැහැ ගැන් වූ ටී56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ.

හිටපු අමාත්‍යවරයාට අමතරව මෙම ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ තවත් පුද්ගලයෙකුද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පසුගිය 29 වැනිදා හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළා.

එදින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දම්දිනී ද සිල්වා කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන දින 10ක් ගතවී ඇතත් එය විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

එවන් පසුබිමක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇප මත මුදාහැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවිය හැකි බවත් ඉදිරි විමර්ශන කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බවයි.

සියලු කරුණු සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හිටපු අමාත්‍යවරයාගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් අද දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ අනුවයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද යළි ගල්කිස්ස මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *