මේ රන් මිල ගැන ඇහෙන කතාව…
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,011,032ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඊයේ සටහන් වුණේ රුපියල් 1,012,093ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 261,600ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,700ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,670ක් ලෙස සටහන් වෙනවා.




















