පෑනක් විදියට හදපු ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

235

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයකු  පරීක්ෂා කර ඇත.

එහිදී අදාළ පුද්ගලයාගේ සාක්කුවේ දමා සිටි මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහාලන බහලුමක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කරන්නේ, මෙය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනිඅවියක් බවය.

දිගින් අඟල් හතරහමාරක් පමණ මෙම ගිනිඅවිය කුමන හේතුවක් මත මෙම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටියේ දැයි කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුව අද (04) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *