BREAKING NEWS
Search

නවකවධය සිද්ධියකට සිසුවියක් සියදිවි හානිකර ගන්න උත්සාහ කරලා

295

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) දහවල් කාලයේ දී එම සිසුවිය කාර්මික විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර අසල සිටි පිරිසක් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

නවකවධය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇය මේ වනවිට කුළියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ කුලියාපිටිය පොලිසිය ඒ සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ සිසුවියට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *