BREAKING NEWS
Search

ගැබිණි බිරිදව ඝාතනය කර හිස පොලිස්සියට අරං ඇවිත් – පුලියන්කුලමෙන් ඇහෙන ඇග හිරිවැටෙන කතාව

7363

සිය ගැබිනි බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද (03) උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය කියයි.

පුලියංකුලම, නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයක් අසලට බිරිඳ සමඟ පැමිණ ඇති සැකකාර සැමියා ,ඇය තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සිරුර රක්ෂිත ප්‍රදේශයේ දමා හිස කඳින් වෙන්කර ස්කූටර වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපත තබාගෙන පුලියන්කුලම පොලිසිය වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.

එලෙස ඝාතනය කොට ඇත්තේ වවුනියාව , පුලියංකුලම ,නොච්චිකුලම් හි පදිංචි සුගීර්දරන් රාජුන් ස්වාර්ණලතා නැමති 32 හැවිරිදි ගර්භණී කාන්තාවකි.

ඇය ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික විදුහලක පාසල් ගුරුවරියක ලෙස සේවය කරන ගුරුවරියක බවත් පොලිසිය පැවසීය.

සැකකරු බිරිඳගේ හිස සහිත යතුරු පැදිය පුදියන්කුලම පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙනවිත් ස්ථානාධිපතිවරයාට සහ සෙසු නිලධාරීන්ට සිදුකළ අපරාධය පිළිබඳ දැණුම්දි පොලිසියට භාරවී ඇති බවත් සඳහන් කළේය.

අනියම් සබධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *