BREAKING NEWS
Search

පදික වේදිකාවේ සිටි පෙරපාසැල් ළමුන් පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වදී

325

දෙහිඅත්තකණ්ඩිය මහියංගණය ප්‍රධාන මාර්ගයේ ධාවනය  වෙමින් තිබූ මෝටර් රථයක් අද (03) උදෑසන හොබරියාව ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එහි සිටි පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල  ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.

මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.

පෙර පාසල් දරුවන් හතර දෙනකු ආබාධිත පුද්ගලයකු කාන්තාවක් සහ තවත් පිරිමි අයෙකුද මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇතැයිද පොලිසිය පැවසීය. රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *