BREAKING NEWS
Search

වෙඩික්කරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

412

පසුගිය වසරේ ජනවාරි 10 වන දින ගලබොඩවත්ත කොරොතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඩුබායි සිට අද (02) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථවේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තොඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

2024.01.10 වන දින ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේ වයස අවුරුදු 34 ක පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

අදාළ අපරාධයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව අපරාධය සිදු කිරීමට පැමිණි යතුරු පැදිකරු හා රිවෝල්වරයක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම අපරාධයේ වෙඩික්කරු ඩුබායි රටට පලා ගොස් ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වන ලදී.

එම සැකකරු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන පාලකවරයාට ලබා දී තිබූ අධිකරණ නියෝගයක් අනුව අද අලුයම් කාලයේදී කටුනායක ගුවන්තොටුපොල පැමිණිමේ පර්යන්තයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර  බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *