ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියට සමුදෙයි

816

ඕස්‍ට්‍රේලියානු තුන්ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කර සිටී.

කෙසේවෙතත් ජාත්‍යන්තර විස්සයි 20 තරඟ පිටියේ තවදුරටත් තමා රැඳී සිටින බව ද ඔහු සඳහන් කරයි.

ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ග්ලේන් මැක්ස්වෙල්, ඕස්ට්‍රේලියානු පිලට ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට දායක වූ ක්‍රීඩකයෙකි.

36 හැවිරිදි ග්ලේන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 149 කදී ලකුණු 3990 ක් ලබාගෙන ඇත.

2023 එක්දින ලෝක කුසලාන තරඟ මාලවේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ද්විත්ව ශතකය, එක්දින ක්‍රිකට් වංශ කථාවේ ඉතා විශිෂ්ට ඉනිමක් ලෙසින් සැලකේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *