BREAKING NEWS
Search

දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සනක් තියෙන හංසමාලිට හිතාගන්නවත් බැරි විදිහේ කරදරයක්

1920
මේ තවත් කතාවක්…
  එයාගෙ නම හංසමාලි… හිටියේ මොරටුව පැත්තේ …

පුංචි ගෙදරක. මහත්තයා එක්තැන්වෙලා . පඩි පෙළ වගේ ළමයි තුන්දෙනෙක් හිටියා… කොච්චර දුක් වි වින්දා උනත් හංසමාලි ඇහැට කණට පෙනුනා…

දෙපාරක් හැරිලා බලන්න හිතෙන ඇඟක්.. කැරලි ගැහුනු දිග කොණ්ඩයක්.. සුදුම සුදු හම.. හැමෝම පුදුම වුනා මෙච්චර දුක් විඳලත් කොහොමද එච්චර ලස්සන උනේ කියලා… මනුස්සයා ඔත්පළ වුනේ accident එකක් හින්දා… දැන් ඒ මනුස්සයාට හරි හමන් සිහියක් පතක් නෑ.. මනුස්සයාට එහෙම වුණාට පස්සේ හංසමාලි දිහා ඇලුම් බැලුම් පාන පිරිමි එන්න එන්න වැඩි වුණා… ගෙදර බඩගිනි වෙලා අඬන පොඩි දරුවෝ හින්දා… හංසමාලිගෙ හිත උණු වෙලා යනවා… ඉස්සෙල්ලම කඩේක වැඩට ගියා… ඒ ගන්න සොච්චම හැරෙන්නවත් මදි වුණා…

ඔය අතරේ තමයි ප්‍රසිද්ධ ලී මෝලක මුදලාලි කෙනෙක් හංසමාලි ගැන උනන්දු වෙන්න පටන් ගත්තේ…
මුදලාලි කෙලින්ම ගෙදරට ආවා කන්න බොන්න බඩු පුරෝගෙන … ලොකු බෑග් හත අටක් ඉස්තෝප්පුවෙන් ගෙනල්ලා තිබ්බා… ජෑම් චොක්ලට් බිස්කට් දැක්කහම පොඩි අය සතුටින් කෑ ගැහුවා…

“කෙල්ලේ මං හොඳ පඩියකට රස්සාවක් දෙන්නම් මගේ ළඟට වැඩට වරෙන්..”

අවුරුදු 60ක් විතර වයස මුදලාලි එහෙම කිව්වම හංසමාලි හිතුවේ ඇත්තටම ගුණ යහපත් මනුස්සයෙක් කියලා… මොකද සැක කරන්න හේතුවක් නෑ… තාත්තෙක් වගේ මනුස්සයෙක්…

පහුවෙනිදම තකහනියක් ලෑස්තිවෙලා වැඩට ගියේ ඒකයි… එතන ඔෆිස් එකේ කෙනෙක් ඇවිත්,

හංසමලිට මුදලාලිගේ office කාමරයට එන්න කියලා පණිවිඩයක් එව්වා….එයා ඔෆිස් කාමරයට ගියා…

මුදලාලි හිටියා ලොකු පුටුවක වාඩිවෙලා…එච්චර ලස්සන කාමරයක් එයා දැකලා තිබ්බෙත් නෑ..

මුදලාලි පුටුවෙන් නැගිටලා ඇවිල්ලා කාමරේ දොරවැහුවා…

හංසමාලිට බය හිතුණා…

එකපාරටම මුදලාලි හංසමාලිව බදා ගත්තා…

අනේ මුදලාලි මට යන්න දෙනවා…

මම ඒ ජාතියේ ගෑනියෙක් නෙමෙයි…

අනේ කෙල්ලේ මට ඔය සුදු මූණ ඉඹින්න දීපං…

මං උඹට කියන තරමක් සල්ලි දෙන්නම්…
අර මිනිහා එක්ක උඹට මොන ජීවිතයක්ද?

වයස අවුරුදු 60 ක් වුණත් හොඳට හයිය හත්තිය තිබ්බ නාකි මුදලාලි හංසමාලිව බිමට පෙරල ගත්තා…

දඟලන අතරෙ හංසමාලිගේ අතට අහුවුණේ බිම තිබ්බ පිත්තල මල් පෝච්චියක්..

මුළු ඇඟේම තියෙන හයියෙන් දෑත බදලා පිත්තල මල් පෝච්චියෙන් මුදලාලිගේ ඔලුවට ගැහුවා විතරයි හංසමාලිට මතක…

මුදලාලි ලේ විලක් මැද ඉන්නවා දැක්කා…

හංසමාලි අඬ අඬා ලී මෝලෙන් එළියට දිව්වා…

කෙලින්ම ගියේ පොලිසියට…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *