කෝවිලේ ළිඳට වැටී පාසල් සිසුවියන් දෙදෙනෙකු මරුට

292

මුලතිව්හි කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද (01) දහවල් සිදු වූ අනතුරකින් පාසල් ශිෂ්‍යවන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලීසිය පවසා සිටියේ, මියගිය දැරිවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වී ළිඳ අසළට ගොස් ඇති බවයි.

එහිදී පය ලිස්සා ගොස් ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇත.

ළිඳට වැටුණු දැරිවියන් දෙදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුවියන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *