BREAKING NEWS
Search

ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදිට ජනපතිගෙන් පණිවිඩයක්

144

72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලස සුබ පැතුම් එක් කර ඇත.

ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද දින ඇයගේ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කරන බවද ජනාධිපතිවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර ඇත.

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි  HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු ‘2025 ලෝක රූ රැජින’ කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *