ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබුණා.
”නොපිරවෙන හිස්තැන.
මම ඉඳගෙන අපෙ සාලයේ,දොරටුව දෙස බලා සිටිමි,
මෘදුව නගන පා හඬ දැන් ඇහෙන්නෙ නෑ ගෙයි වත්තේ,
සුළඟට වැනෙන ඔබෙ ගස්වල පාළු කතා අසා සිටිමි,
දුකින් හඬන සුළඟ මවන හිස්තැනක්ය අද ඇත්තේ.
මම ඇස්පියන් ඔබෙ රුව දකිමි, ඒ දිහාම බලා සිටිමි,
සෙමින් සෙමින් කඳුලු වැටේ,ඔබව දැනෙයි හිත මැද්දේ.
මගෙ නහර,ඇට මිඳුලු,ලේ බිංදුවක් පාසාම මම ඔබව විදින්නෙමි,
අදත්,හෙටත්,කෙදිනකවත් නොපිරවෙයි මේ හිස්තැන අම්මේ.
මම දෑස් අරිමි, සිත තද කළෙමි,ඔබේ වදන්ම සිහිගන්වමි,
ඔබෙ වදන් ඔබේ සුසුම් මේ නිහඬ බවෙයි අද ඇත්තේ.
මේ හිස්තැන මැදින් හුස්ම ගනිමි, මතකයන් අහුරමි,
දුක්නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගෙ අම්මේ.
29.05.2025”
ඡායාරූප සහ සටහන : Thisuri yuwanika ෆේස්බුක් පිටුවෙන්



















