BREAKING NEWS
Search

දෙයියනේ නුවන් මට මෙහෙම අපරාධයක් කරේ ඇයි…? අනියම් පෙමක් ගිය දුරක් …. ගාලු පුරෙන් ඇහෙන කතාවක්

1941
මේ නුවන්ගේ කතාව…

නුවන් ගාල්ලේ, ඔහු විවාහක‍යෙක් , නුවන්ට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා… එයාගේ නෝනා කාංචනා…

කාංචනා දවස පුරාම ළමයි එක්ක ඔට්ටු වෙනවා.. ඔය අතරේ නුවන්ගේ හිත එහෙ මෙහෙ යනවා… ඔය අතරේ අල්ලපු නගරයට අලුතෙන් පදිංචියට පවුලක් එනවා.. ඒ තරුණියගේ නම කේශානි..

කේශානි ඇහැට පේන හරිම ලස්සන තරුණියක්…ටවුන් එකේදී කේශානි දැකපු නුවන් සේරම විස්තර හොයා ගන්නවා ඇය ගැන… නුවන්ට ඒ ටවුමේ ලොකු කඩයක් තියෙනවා.. ඒ කඩේට කේශානි නිතරම ආවා ගියා… මුලදි මුලදි අකමැත්තක් පෙන්නුවත් නුවන්ගේ සල්ලි වලටයි ලස්සනටයි කේශානිගෙත් හිත ගියා…

කේශානිගේ සැමියා වැඩට යනවා.. එන්නේ සති අන්තයේ… මේක නුවන්ට වාසියක් වුණා… මිනිහ හීන් නූල් කාරයා… කොහොම හරි කේශානිට දැලක් එලුවා…

දන්න සෙල්ලං සේරම දාලා කේශානිත් එක්ක යාළු වුණා.

කඩේ වැඩට යනවා කියලා ගෙදරින් ඇවිත් හැමදාම අල්ලපු ගමට ගිහින් ඒ ගෙදරට රිංගන්න පුරුදු උනා…

මේක බිරියට ආරංචි වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. ඒත් එයා ඒ කතා විශ්වාස කෙරේ නැහැ. හැබැයි කාලයක් යනකොට මහත්තයා වෙනස් වෙන්න පටන් ගත්තා වගේ ඇයට දැණුනා…

ඇයව පිළිකුල් කරනවා වගේත් දැනෙන්න පටන්ත්තා.. නිතරම ගෙදර අඩුපාඩු දැක්කා.. එයාව කැතයි කියන්නත් පටන් ගත්තා… දරුවෝ තුන්දෙනෙක් එක්ක ඔට්ටු වෙනකොට රූපය ගැන හිතන්න වෙලාවක් ලැබෙන්නේ හරි අඩුවෙන්.

ඇය තනියම ඇඩුවා… දවසක් ලැබුණු නිශ්චිත තොරතුරකට නුවන්ගේ බිරිඳ අල්ලපු ගමට ගියා… ඒකේ කේශානිගේ ගෙදරට .. නුවන්ගේ කාර් එක මිදුලේ තිබුණා…

එයාගේ මල්ලිත් එක්ක ගියේ… කාංචනා අඬන්න පටන් ගත්තා..

මල්ලි දොරට ගහලා දොර කැඩුවා… නුවන් ඒ වෙලාවේ කේශානි එක්ක හිටිය හැටි කාංචනා ඇස් දෙකටම දැක්කා…

දෙයියනේ නුවන් මට මෙහෙම අපරාධයක් කරේ ඇයි…?

කාංචනා කෑගහලා ඇඩුවා…

උඹ ආයේ ගෙදර නාවට කමක් නෑ ඔහේම ඉන්නවා…

අපිට පුළුවන් අක්කව බලාගන්න.. කාංචනාගේ මල්ලි කිව්වා…

නුවන්ට කර කියා ගන්න දෙයක් නැහැ… කාංචනා වන්දි ඉල්ලලා නඩු දැම්මා… අන්තිමේට ඒ දීගේ ඉවර වුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *