BREAKING NEWS
Search

හොරා කෑ තව බලකණු විස්සක් කූඩුවට

220

හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

අල්ලස් ගැනීම් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන මේ දිනවල සාර්ථක ලෙස කෙරෙමින් පවතින බව එම කොමිෂන් සභාව පවසයි.

විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පසුගිය දිනවල ප්‍රශ්න කර ඇත.

තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුට කොමිසමට ඉදිරි දිනවල පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම එම කොමිෂන් සභාව වේගවත් කර ඇති බවත් එම සිද්ධීන් සම්බන්ධ සාක්ෂි ගොනුකර ගැනීම අවසන් කළ වහා අත්අඩංගුවට ගැනීම් කරන බවත් අල්ලස් කොමිසම පවසයි.

එමෙන්ම බොහෝ ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහිකව එකතු වී අල්ලස් ගැනීම්( අල්ලස් පොකුරු) වැඩි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද දැඩි සීරුවෙන් සිටින බවත් කොමිසමේ නිලධාරීහු පවසති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *