ඒත්, ඒ තරම්ම ජනප්‍රිය මේ පුද්ගලයා ගැන මේ දවස්වල ඇසෙන්නේ ඒ තරම් හොඳ ආරංචි නම් නෙවෙයි..
දකුණු ඉන්දීය සුප්‍රකට නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකුද වන කමල් හසන් මෑතකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු රඟපෑ චිත්‍රපට කර්ණාටක ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය තහනම් කරන ලෙස කර්ණාටක ප්‍රාන්ත රජයට බලපෑම් එල්ලවී තිබෙනවා…
කමල හසන් නිෂ්පාදනය කළ ඔහු රංගනයෙන් දායකවන නවතම චිත්‍රපය වන Thug Life ”එළැඹෙන ජුනි 5වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් පැවති ප්‍රචාරක වැඩසටහනකදී දෙමළ නිසා කණ්නඩ බිහිවුණා” යනුවෙන් කමල හසන් මතභේදාත්මක ප්‍රකාශයක් කර තිබුණා..
ඉන් ප්‍රකෝප වූ කණ්නඩ හිතවාදී සංවිධාන කිහිපයක් බැංගලෝර්, බෙලගාවි, සහ මයිසූර් වැනි නගරවල විරොධතාවල නිරත වන්නේ කමල් හසන් සමාව ගත යුතු බව පවසමින්…
කමල් හසන් සමාව නොගන්නේ නම්, ඔහුගේ චිත්‍රපට කර්ණාටකයේ තහනම් කළ යුතු බව ප්‍රාන්ත අමාත්‍යවරයෙකු වන ශිවරාජ් තංගඩගි කණ්නඩ චිත්‍රපට ආයතනයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ…
ඒ අනුව කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලය විසින් කමල් හසන්ට සිය Thug Life චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකිරීමට පෙර සමාව ගැනීමට දින දෙකක කාලයක් ලබා දී තිබෙනවා….
ඉන් එක් දිනයක් මේ වනවිට ගතවී අවසන් කෙසේ නමුත් කමල් හසන් තවමත් සමාව ගන්නා ස්ථාවරයක නැහැ..



















