BREAKING NEWS
Search

හිතාගන්නවත් බැරි විදිහේ අපරාධයක් කල සුරූපී තරුණියක් කටුනායකින් අල්ලයි

506

‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික 21 හැවිරිදි තරුණියක වන චාර්ලට් මේ ලී, එළඹෙන ජූනි මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 30) නියෝග කළේ ය.

මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය කටුනායක ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය ඉකුත් මැයි 12 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ, කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ද සමගිනි.

කටුනායක ගුවන් තොටුපොළේ රේගු ඉතිහාසයේ අත්අඩංගුවට ගනු ලැබූ වැඩි ම වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය වැටලීම ලෙස එය සැලකෙන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ය.

ඇය රැගෙන විත් තිබූ ගමන් මලු 2ක් තුළ “කුෂ්” නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක තොගය පමණක් තිබූ බව රේගු බලධාරීහු පවසති.

ඉකුත් මැයි මස 12 වන දා පස්වරු 03.45ට පිටත්වීමට තිබූ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL- 405 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි මෙම 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *