තවත් වෙඩි තැබීමක්

712

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

මෙම වැටලීමේ දී පොලීසියට අවශ්‍යයව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ නොහොත් ‘සම්පත් කුමාර’ නැමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර පසුව පොලිස් නිලධාරීයෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහතට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබූ පාර්ශලයක තිබී මත්ද්‍රව්‍ය ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *