BREAKING NEWS
Search

අසනීපයකට ශාන්ති කර්මයක් කිරීමට පැමිණි යකැදුරා සමග දියණිය කල නොහොබිනා වැඩේ

595
මේ කියන්න හදන්නේ වෙනස් කතාවක්…

අසනීපයකට ශාන්ති කර්මයක් කිරීමට පැමිණි යකැදුරා සමඟ තම දියණිය පැනයාම නිසා සතුටට පත්වූ මවක පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා දැනගන්නට ලැබුණා…

28 හැවිරිදි එක්දරු මවක වූ එම දියණිය තම සැමියා අතහැර දමා තම මවගේ නිවසට පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරයි…

මනා රූ සපුවකින් හෙබි ඇය විළිබිය අඩු, කටකාර, තම රූ සපුව පිළිබඳව ආඩම්බරයෙන් හිටියේ…

එයා සැලෝන් යන්න වියදම් කරේ අම්මාගේ සල්ලි… ඉතිං අම්මාට මේක ලොකු කරදරයක් වුණා…

ඇහැට ලස්සනට පේන හින්දා ගමේ සල්ලාල තරුණයන් තම දියණියට ඇල්ම බැල්ම දානවා… මේ නිසා අම්මා තවත් හිතේ කරදරෙන් උන්නේ…

මෙහෙම කාලය ගෙවී යනකොට දියණිය තරමක උන්මාද ගතියකින් කටයුතු කරන බවක් හැඟී ගිය නිසා ගමේ වැඩිහිටි කාන්තාවකට මේ බව පැවසුවා…
ඔය කළුකුමාර දිෂ්ටිය වැහිලා තියෙන්නේ ඉක්මනින්ම ශාන්ති කර්මයක් කරන්න කියලා ඇය උපදෙස් දීලා… නැත්නම් ලොකු විනාශයක් වෙන්නත් පුළුවන් කියලා …

මේ හින්දා අම්මා හොඳටම බය වුණා…

ඉක්මණින් හොඳ කට්ටඩියකු හොයලා දෙන්න කියලා ඇය ඉල්ලුවා…

ටික දිනකින් ඇදුරෙකු එම නිවසට පැමිණ රෝගී කාන්තාව පරීක්ෂා කර බලා මේ ළමයට කළු කුමාර දිෂ්ටිය වැටිලා තියෙන්නේ දැන්නම් හොඳටම පරක්කුවෙලා වගෙයි පේන්නේ. මේක අයින් කරන්නනම්, දින හතක්ම තෙල් මතුරන්නත් වෙනවා කියලා …

මනා කඩවසම් පෙනුමකින් යුතු එම ඇදුරා රෝගී කාන්තාවගේ රූ සපුව දුටු විගසම ඇය පිළිබඳව අදහසක් හට ගත්තත් ඒ බව නොහඟවා අම්මේ, මේ දැරිවිය මං සනීප කර දෙන්නම්, මට ගාස්තුවක් එපා … කියලත් කිව්වාලු…

ඇදුරාගේ එම වදනෙන් බොහෝ ප්‍රීතියට පත් වූ එම මව එහෙනම් පුතේ, කල් තියන්න ඕන නැහැ. අද හෙටම වැඩේ කරන්න අවශ්‍ය අඩුමකුඩුම ටික මට කියන්න. මං ඒවා හොයල දෙන්නම් කියා කීවේ ඒකටවත් තමන් සන්තකයේ මුදල් නොමැති බව දැනගෙනයි. එවිට ඇදුරා කියා ඇත්තේ අම්මා කරදර වෙන්න එපා මං ඒ ටිකත් හොයා ගෙන හෙට එන්නම් කියලා… පිටත් වෙලා…

ඒ අනුව ශාන්ති කර්මය පටන් ගෙන ඇති අතර අම්මේ ටිකක් එළියට වෙලා ඉන්න මේ ශාන්ති කර්මය කාටවත් පේන්න හොඳ නැහැ. වෙන කවුරුහරි කාන්තාවක් මේක බලන් හිටියොත් කළුකුමාරයා ඒ කෙනාට වැහෙනවා කියනවාත් සමඟ බියට පත්වී එම මව එහෙනම් මං දොරත් වහලම යන්නම් කියා එම ස්ථානයෙන් පිටත් වෙලා…

ඇදුරා ටික වේලාවක් තෙල් මතුරමින් අමුතු ස්පර්ශයක් කිරීමට පටන් ගත්තා. මෙයින් කුල්මත් වූ එම කාන්තාව මහහයියෙන් සිනාසී මට ඇති අසනීපයක් නැහැ. මං ඔයා ගැන අහල තිබුණා. මට දැන් ඔයා නැතිව ඉන්න බැහැ. අපි දෙන්නා අද රෑට මෙහෙන් යමු කියා ඇදුරා සමඟ එදාම පැනලා ගිහින්…

කාමරයෙන් කිසිම සද්දයක් බද්දයක් නොමැති නිසා ටිකක් විපරම් කර බැලූවිට, ඇදුරාත් තම දියණියත් එහි නැති බව දැනගත් එම මව බොහෝ සතුටට පත්වී ඒ උරචක්‍ර මාලයෙන් මං නිදහස් වුණා කියලා හිතුවලු…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *