ඒත් ඒ හීනය සැබෑවැක් කරගත්තත්, සමහර අය ගාව මාතෘත්වය ගැන හැඟීමක් නැති බව මේ කතාවෙන් ඔබටත් හිතේවි..
සිඟිත්තියක් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලකට අලෙවි කළේ යැයි කියන මවක් සැකපිට අත්අඩංගුවට ගත් බව කලවංචිකුඩි පොලිසිය පවසනවා..
බිළිඳිය මිලදී ගත් බව කියන මඩකලපුව වෙලාවලී ප්‍රදේශයේ පදිංචි දරුවන් නොමැති කාන්තාවකද මේ සමග අත්අඩංගුවට ගෙන මුදලට විකුණා සිටි බිළිඳිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ..
මේ සිඟිත්තිය මුදලට අලෙවි කළ බව කියන සැකකාර කාන්තාව මීට පෙර විවාහ වී සිටි සැමියාගෙන් වෙන් වී වෙනත් පුද්ගලයකු සමග වාසය කර ඇති අතර, ඔහුද විවාහක බිරිඳගෙන් වෙන්ව සිටින අයකු බවයි පොලිසිය පවසන්නේ..
මෙම පුද්ගලයා දින විසි දෙකක් වයස තම දරුවා නිවසේ නොමැති බවට කලවංචිකුඩි පොලිසියට පැමිණිලි කර ඇති අතර, ලැබුණු එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා එම පැමිණිලිකරු සමග එකට විසූ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වු බව පොලිසිය පවසනවා..
කෙසේ වෙතත්, කලවංචිකුඩි පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා..


















