BREAKING NEWS
Search

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට සිදු වූ දේ

384

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පසුගිය දා අත්අඩංගුවට ගත්තේය.

‍රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා (20) හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔහුව බන්ධනාගාර රෝහලට යොමුකර තිබු අතර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *