හැප්පිලා බලමු – රේල්ලුව හදන්න ආ ඇමතිට අපි භය නෑ – දුම්රිය ස්ථානාධිපති සංගමය

202

තර්ජනාත්මක අන්දමින් වෘත්තිය සමිති පාලනය කිරීමට හෝ දෙපාර්තුමේන්තු පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ නම් දෙවරක් සිතා එය සිදුකරන්නැයි ආණ්ඩුවට අනතුරු හඟවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

එලෙස වෘත්තිය සමිති මෙල්ල කිරීම හෝ තර්ජනාත්මක ලෙස යටපත් කරගැනීම කිසිසේත්ම කළ නොහැකි බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.
දුම්රිය එන්ජින් රියැදුරන් පිරිසක් විසින් සිදුකළ දෙදින වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන කියා සිටියේ අසනීප නිවාඩු වාර්තා කළ දුම්රිය රියැදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි. එසේම සතියක් දෙකක් හෝ දුම්රිය ධාවනය නවතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

එෆ්. අස්ලම්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *