BREAKING NEWS
Search

ඔවුන්ට ලැබෙන්න යන දීමනාව ගැන මෙන්න විශේෂ ආරංචියක්..

379
මේ කියන්න යන්නේ තවත් විශේෂ පුද්ගල කණ්ඩායමකට ලැබෙන්න යන දීමනාවක් ගැන ඇසෙන කතාවයි..
ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිල දී ගැනීමට රජය මඟින් එක් පුද්ගලයකු සඳහා දෙන ආධාර මුදල රුපියල් 20,000ක සිට රු.50,000 දක්වා වැඩි කර තිබෙනවා..

රාජ්‍ය නිලධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විෂයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති අතර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මෙම තීරණය ගෙන තිබෙනවා..

ආබාධ සහිතභාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතියදීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම ද මෙහිදී තීරණය කර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *