BREAKING NEWS
Search

අවුරුදු 60ක කතක් 18 කොල්ලෙක් එක්ක එකතු වෙලා කල කැත වැඩේ

2129

කැකිරාව හා අවට ප්‍රදේශවල තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරිමේ ජාවාරමක නිරතවූ 60 හැවිරිදි කාන්තාවක හා 18 හැවිරිදි තරුණයකු මල්දෙණිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ ක්ෂණික මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.
කැකිරාව මල්දෙණිපුර ප්‍රදේශයේ නිවසක් වටලා අදාළ සැකකාරිය හා සැකකාර තරුණයා මත්කුඩු තොගයක් අලෙවියට සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය සමත්ව තිබෙන්නේ.
පොලිසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි සිටි තවත් තරුණ සැකකරුවෙකු පලා ගොස් ඇති අතර එලෙස පලා ගොස් ඇත්තේ පොලිස් අත්අඩංගුවටපත් සැකකාරියගේ පුත්‍රයා බවට ද පොලිසිය හඳුනාගෙන තිබේ.
පොලිසිය එම නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මත්කරල් 500ක් ද සොයා ගත්තා.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 4350ක් ද, හෙරොයින් මිලිග්රෑම් 5150ක් ද, මත්කරල් 600ක් ද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරම ලොකේෂන් ක්‍රමයට සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.
ලොකේෂන් ක්‍රමය අනුව මත්ද්‍රව්‍ය සැඟවීමට යාම සඳහා භාවිතා කළ බව කියන අංක තහඩු රහිත නවීන පන්නයේ යතුරු පැදියක් ද මෙම මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටපත් සැකකාර කාන්තාව කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ආපනශාලාවක සේවිකාවක වශයෙන්ද කටයුතු කරමින් සිට ඇති බව පැවසෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගිය සැකකාරියගේ පුත්‍රයා ද අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
සැකකාර කාන්තාව හා තරුණයා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *