BREAKING NEWS
Search

නිළි රැජින මාලිනියගේ දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට

69

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබේ.

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට නියමිත අතර පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතය.

පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතව ඇත.

‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීන රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළාය.

අභාවප්‍රාප්ත වන විට එතුමිය 78 වන වියේ පසුවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *