BREAKING NEWS
Search

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

83

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අද (25) එක්ව තිබෙනවා.

අද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ඒම සිදු වුණා.
ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට මහජනතාවට අවස්ථාව සැළසෙනු ඇති.
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි. මාලිනී ෆොන්සේකා, ඊයේ අලු‍යම දිවි ගමනට සමුදුන්නේ කොලඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 78 වැනි වියෙහි පසුවුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *