BREAKING NEWS
Search

ඊයේ තණමල්විල මාරක අනතුර සිදුවූ ස්ථානයේම අදත් තවත් බිහිසුණු අනතුරක්

1144

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දින ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වූ ස්ථානය ආසන්නයේ ම මෙම අනතුරත් සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණ මල්විල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණවල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *