ඒ දෙදෙනා වටා බැඳුණු කතා බොහෝමයි.. අද සිංහල සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට සෝචනීය දිනයක්..
ඒ ඇත්තෙන්ම ඇයගේ නික්මයාම නිසා කිව්වොත් හරි.. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ලාංකීය සිනමා අම්බරයේ රැජින අද දිවිමඩලින් සමුගත්තා..
ඒ සෝචනීය පුවතත් එක්කම ඊයේ අපට අහන්න ලැබුණු වෙනස්ම ආරංචියක් තමයි විජය කුමාරතුංග නම් මහා රංගවේදියාගේ පිළිරුවට සිදුවුණු හානිය.. මේ සිද්ධි දෙක අතර මොන වගේ සම්බන්ධයක් තියනවාද කියන එක නම් පැහැදිලි කරන්න අපහසුයි කියලා බොහෝ දෙනෙක් කියාවි..
“දැන් ගොඩක් අය කතා වෙනවා වදන් පෙළක් තමයි “සොබාදහම මොකක්දෝ පණිවිඩයක් කියනවා” කියන දේ…
ඊයේ විජය කුමාරතුංග ජීවත් වූ පොල්හේන්ගොඩ නිවස ආසන්නයේ පිහිටා තිබූ විජයගේ පිළිරුව හදිසි අනතුරකින් විනාශ වෙලා තියෙනවා… විජය මාලනී යුගයක් අපේ සිංහල සිනමාවේ තිබුණා ඒ වගේම ඔවුන් තිරය ඉදිරියේ වගේම තිරය පිටුපසත් ආදරණීය යුවලක් වුණා… ඉතින් ඇය අද අලුයම ජිවිතයෙන් සමුගන්නකොට ඊයේ විජයගේ පිළිරුව විනාශ වෙලා යනවා… සමහර විට කෙනෙක්ට මිත්‍යාවක් කියන්න පුළුවන් එත් ජීවිතයේ අපට හමුවන ඇතැම් බැදීම් සදාතනිකයි..”

























