පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

723

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වව්නියාව – පුවරසම්කුලම් පොලිසියේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල මැදිරිය තුළ මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ, සෙට්ටිකුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මතයි.
පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසදා සමථයකට පත් කර දීම වෙනුවෙන් සහ පැමිණිලිකරුගේ ඉඩමේ කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරවා දීම වෙනුවෙනුයි ඔහු මෙම මුදල ලබා ගෙන ඇත්තේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *