කාත්තන්කුඩි පොලිස් වසමේ මන්මුනේ පාලම අසල කළපුවෙහි පුද්ගලයෙකු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග ඊයේ (20) මසුන් අල්ලමින් සිටියදී එක්වරම කළපු දියෙන් මතු වූ කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බව කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරනවා.
මන්මුනේ පාලම අසල කළපුවෙහි ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවටයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
කිඹුලා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා කාත්තන්කුඩි පොලිසිය විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය හා කජුවත්ත නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති බවට සඳහන්.



















