කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා කම්කරු කාර්යාලවල කටයුතු අද සිට අනිද්දා දක්වා සේවා සැපයීම සීමා කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ක ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ බී කාඩ්පත් සංශෛා්ධනය කිරීම යන සේවා තාවකාලිකව අත්හිටුවනු ඇති.
එම සේවා සඳහා දුරකථනයෙන් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සේවාලාභීන්ට නැවත සේවා ආරම්භ කළ පසු ප්‍රමුඛතාව ලබාදෙන බවත් සේවා අත්හිටුවීම නිසා සේවාලාභීන් වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුවන බවත් කම්කරු දෙපාර්තමේන්තුව සදහන් කළා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.



















