BREAKING NEWS
Search

අධිවේගයේ අද සිට සිදුවන වෙනස මෙන්න

982

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මෙලෙස මුදල් ගෙවීම් සිදු කළ හැකියි.
අන්තර් හුවමාරු 35ක් සහ පිටවීමේ ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වනවා.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම උදේසා නව්‍යකරණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මූලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩි පිළිවෙළට අනුව මෙය ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *