BREAKING NEWS
Search

ළමා රෝහලේ පිහි ඇනුමක්

4032

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් අද පෙරවරුවේ තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන මොහු රෝහලට පැමිණ සොරකමේ නිරත වූ අවස්ථාවේදී එය දැක පහර කෑමට ලක්වූ සේවකයා ඒ පිළිබදව විමසා ඇති බවයි.
එම අවස්ථාවේ තියුණු ආයුධයකින් රෝහල් සේවකයාට පහර දී සැකකරු පලාගොස් තිබෙනවා.
පහර කෑමට ලක්වූ රෝහල් සේවකයාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *