BREAKING NEWS
Search

හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වූ රන් මිල

6759

2025 මැයි මස 15 වන විට ගෝලීය රත්‍රං මිලෙහි සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණු නමුත්, ඉන් අනතුරුව රත්‍රං මිල නැවත ඉහළ යමින් පවතින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මෙම උච්චාවචනය ශ්‍රී ලංකාවේ රත්‍රං වෙළඳපොළට ද සෘජු බලපෑමක් එල්ල කර ඇති අතර, ඒ අනුව රත්‍රං මිල ගණන් යාවත්කාලීන වී ඇති බව එම අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝලීය වෙළඳපොලේ රුපියල්, ඩොලර්, යුරෝ වැනි මුදල්වල උච්චාවචනය, භූමිකම්පන, ආර්ථික අවිනිශ්චිතතා, ඩිමාන්ඩ් හා සැප්ලයි තත්ත්වයන් වැනි සාධක මත රත්‍රං මිල ඉහළ යමින් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ මිල ගණන් මෙම ගෝලීය රත්‍රං මිලවලට සමගාමීව ඉහළ ගොස් ඇති අතර, මෙය පාරිභෝගිකයින්ට මෙන්ම ස්වර්ණාභරණ වෙළඳාමට ද බලපෑ ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ, රත්‍රං මිලෙහි මෙම ඉහළ යාම එළඹෙන මාසවල දී දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, වෙළඳපොළේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *