රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දෙහිවල – නැදිමාල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු, අද දහවල් පොලිතීන් අලෙවි කරන වෙළෙඳසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකළා.
කෙසේ වෙතත්, ඉන් කිසිවෙකුට හානියක් සිදු නොවූ අතර වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරු පැදිය පසුව මීගොඩ – කලුවලදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසල දමාගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
බෑග් ගාමිණී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පොලිතීන් වෙළෙඳසැලේ හිමිකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසංකගේ ඥාතියෙකු වනවා.
ඔහුගේ පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.



















