BREAKING NEWS
Search

ඉසුරු සොයා මාස 5ට ලක්ෂයක් එතෙර ගිහින්

68

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසරේ මේ දක්වා කාළය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය 64150 වන අතර. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ ප්‍රමාණය 36 263 කි. මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වේ.

වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14162 ක් ද, සවුදි අරාබිය සඳහා 12625 පිටත්ව ගොස් තිබේ. මීට අමතරව ජපාන් රැකියා සදහා 4212 ක් ද ඊශ්‍රායල් සඳහා 3395 ද දකුණු කොරියාව 2036 ද ලියාපදිංචි වී පිටත්ව ගොස් තිබේ. සෙසු පිරිස අනෙකුත් රටවල් සදහා ලියාපදිංචි වී විදේශ ගත වී ඇති බවත එම කාර්යාංශය පවසයි.

මේ වසරේ දී 340 000 ක ප්‍රමාණයක් විදේශ ගත කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *