BREAKING NEWS
Search

ගල්කිස්සේ 19 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ වෙඩික්කරු අත්අඩංගුවට

176

ගල්කිස්ස වෙරළ පාර පිරිසිදු කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු පසු පස හඹාගොස් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ යතුරු පැදිය පැදවූ පුද්ගලයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉකුත් 05 වැනිදා ගල්කිස්ස වෙරළ පාර පිරිසිදු කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර ගල්කිස්ස අපාරධ කොට්ඨාසය අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ රැසක් ඔස්සේ විමර්ශන දියත් කර තිබුණා.
ඒ අනුව අදාළ තරුණයා පසු පස හඹා ගොස් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ,යතුරු පැදිය පැදවූ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් හා යතුරු පැදි අංක තහඩු දෙකක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.
කොට්ටාව විහාර මාවතේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු ගුවන් හමුදාවේ වසර එක හමාරක කාලයක් සේවය කළ සෙබළෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර 28 හැවිරිදි හිටපු ගුවන් හමුදා සෙබළා මීට පෙර දෙහිවල පොලිස් වසමේ කඩවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ද සිට ඇති බවට ද කරුණු අනාවරණය වූ බව, පොලිසිය ප්‍රකාශ කළා.
ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදිය කොටස් කර ව්‍යාජ අංක තහඩු දෙකක් සමග කොට්ටාව මාඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස වළ දමා තිබියදී පොලිසිය සොයා ගත්තා.
එම ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු ද ඉකුත් 10 වැනිදා අත්අඩංගුවට ගත් අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක



Leave a Reply

Your email address will not be published. Required fields are marked *